දයාසිරි ජයසේකරට වාරණ නියෝගයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් අකුරැස්ස ප්‍රදේශයේ පැවති රැස්වීමකදී සමගි ජන බලවේගයෙන් පසුගිය දිනක රජයට එක් වූ වේලු කුමාර් මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් සිදුකළ අපහාසාත්මක ප්‍රකාශය සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අද (05) වාරණ නියෝගයක් නිකුත් කර ඇති බව වාර්තා වේ.
දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා විසින් කළ එම ප්‍රකාශය සිය කීර්තියට සිදුවූ හානිය වෙනුවෙන් රුපියල් මිලියන පන්සියයක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා වේලු කුමාර් මන්ත්‍රීවරයා විසින් ගොනුකළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසා අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත.
ඒ අනුව අදාළ ප්‍රකාශය දයාසිරි ජයසේකර මහතාගේ ෆේස්බුක් පිටුවේ සහ සමගි ජන බලවේගයේ ෆේස්බුක් පිටුව ඇතුළු සමාජ මාධ්‍යවල පළ කිරීම වළක්වාලමින් මෙම වාරණ නියෝගය නිකුත් කර ඇති අතර එය දින 14ක් බලපැවැත්වෙන බවත් නියෝගයේ සඳහන් බව වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart