ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් ඊයේ (05) දින පස්වරුවේ දී කොළඹ වරාය නගරයේ ඉදිකළ “The Mall” තීරු බදු රහිත සාප්පු සංකීර්ණය විවෘත කෙරුණ අතර මෙම කලාපයේ ඉදිකරන ලද ප්‍රථම නාගරික තීරුබදු සාප්පු සංකීර්ණය මෙය වේ.
මේ සාප්පු සංකීර්ණයෙහි One World, China Duty Free Group (CDFG) සහ Flemingo යන ලොව ප්‍රකට තීරුබදු රහිත වෙළෙඳ සැල් සිය මෙහෙයුම් කටයුතු ඇරඹීමට නියමිතව ඇත.
මෙහි භාණ්ඩ අලෙවිසැල්, ආපන ශාලා සහ අනෙකුත් වෙළෙඳසැල්වලින් එය සමන්විත වන අතර ඒ සමග කොළඹ වරාය නගරය මෙම කලාපයේ සාප්පු සවාරි ගමනාන්තයක් ලෙස පිළිගැනීමට ලක්වනු ඇත.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi