ජනාධිපතිවරණ අපේක්‍ෂකයකුට සහාය පිණිස දැන්වීමක් නිර්මාණය කිරීමට තෙල් හා ගෑස් පෝලිමක් ව්‍යාජ ලෙස නිර්මාණය කොට ඉන්ධන පිරවුම්හලක් ඉදිරිපිට දර්ශන වීඩියෝගත කළ පුද්ගලයකු මැතිවරණ කොමිසම කළ පැමිණිල්ලක් මත කටුගස්තොට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
තෙල් පෝලිම් යුගය සිහිගන්වනු පිණිස දැන්වීම් නිර්මාණය කිරීමට අදාළව,දැන්වීම් සහ උත්සව සංවිධාන පෞද්ගලික ආයතනයක සේවය කරන පුද්ගලයකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
දැන්වීම් නිර්මාණය කිරීම සඳහා මුදල් ගෙවා පිරිසක් යොදවා පෝලිම් නිර්මාණය කර ඇති අතර ඊට ත්‍රිරෝද රථ රියැදුරන් පිරිසක් ද යොදවා තිබින.
අදාළ කටයුත්ත සඳහා මහනුවර කටුගස්තොට ප්‍රදේශයේ ප්‍රසිද්ධ ඉන්ධන පිරවුම්හලක් ඉදිරිපිට පෙළගැසී සිටි අවස්ථාවේ ඒ සම්බන්ධයෙන් පිරිසක් මහනුවර මැතිවරණ කොමසාරිස් කාර්යාලයට කළ පැමිණිල්ල මත කටුගස්තොට පොලිසිය යොදවා අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi