ජාතික ජනබලවේගයේ වසන්ත සමරසිංහ අත් අඩංගුවට ගන්නැයි නියෝග


ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කරමින් ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කරන්නයි නියෝගයක් නිකුත් කර ඇති බව සඳහන් ය. ව්‍යාජ බදු ඔප්පුවක් සකස් කර වෘත්තීය සමිතියකට අදාළ දේපළක් වංචනිකව බදු දීමෙන් රුපියල් මිලියන 36ක මුදල් වංචාවක් සම්බන්ධව කොළඹ වංචා විමර්ශන අංශයට කරන ලද පැමිණිල්ලක් මත ගොනු කළ බී වාර්තාව සලකා බලා මෙලෙස ඔහු අත් අඩංගුවට ගන්නා ලෙස නියෝග කර ඇති අතර මහින්ද ජයසිංහ, අමාලි කළුපහන යන
සැකකරුවන්ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස එහි දී නියෝග කර ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart