නවසීලන්ත සංචාරයෙත් පුහුණුකරු සනත්


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වැඩබලන ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය එළැඹෙන නවසීලන්ත සංචාරය සඳහා තාවකාලික ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තහවුරු කරයි.
එංගලන්තයට එරෙහිව පැවති ටෙස්ට් තරග ජයග්‍රහණයෙන් පසුව සනත් ජයසූරියට ඔහුගේ භූමිකාව වෙනුවෙන් වැඩි වගකීමක් ලබාදී තිබෙන බවටත් ඔහුගේ මඟපෙන්වීම යටතේ ශ්‍රී ලංකාව ඉන්දියාවට එරෙහිව ඓතිහාසික එක්දින තරගාවලි ජයග්‍රහණයක් ලබාගත්තේ වසර 27කට පසුවය.
ශ්‍රී ලංකාව පසුගියදා එංගලන්තයට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලිය 2-1ක් ලෙස පරාජය වුවද, ප්‍රබල එංගලන්ත කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ ප්‍රශංසනීය දස්කම් පිළිබඳව බොහෝ දෙනාගේ පැසසුමට ලක්ව තිබේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart