අනුර, සජිත් සහ රනිල්ලගෙ මුදල් ඇමතිවරු

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නැවතත් ජනාධිපති ධූරයට පත් වුවහොත් ඔහු විසින්ම එම රජයේ මුදල් අමාත්‍ය වගකීම දරනු ඇති බව වාර්තා වේ .ඒත් සමඟම සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වුවහොත් ඔහුගේ කැබිනටුවේ මුදල් අමාත්‍ය ධුරය ඔහු හර්ෂ ද සිල්වා මහතාහට පවරන බව ත්, ඊට අමතරව එම තනතුර සඳහා එරාන් වික්‍රමරත්න හා කබීර් හසීම් යන මහත්වරුන්ද ආසන්නයෙන් සිටින බවත් සඳහන් ය. ජාතික ජන බලවේග නායක අනුර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වුවහොත් ඔහුද මුදල් අමාත්‍ය ධුරයේ වගකීම නොදරණු ඇති අතර ඒ මහතා බීබීසී සේවය සමඟ සඳහන් කර තිබෙන්නේ සුනිල් හඳුන්නෙත්ති, වසන්ත සමරසිංහ, අනිල් ජයන්ත, හර්ෂණ නානායක්කාර, සීතා බණ්ඩාර යන පිරිසෙන් අයෙක් එම වගකීම දරනු ඇති බවත් එමෙන් ම විශේෂ කමිටුවක් හරහා මුදල් අමාත්‍යාංශය හසුරුවන බවත්ය.

එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart