ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක ජනාධිපති ධූරයට පත් වුවහොත් ඔහු සමඟ එක්ව වැඩ කිරීමට සිය පක්ෂය සූදානම් බව එම්.ඒ. සුමන්තිරන් මන්ත්රීවරයා පවසා ඇත.
ජාතික ජන බලවේගය බලයට පැමිණි පසු තමන් විපක්ෂයේ සිටියද, ඔවුන් සමඟ කටයුතු කළ හැකි බොහෝ කරුණු තිබෙන බවත්, දූෂණය පිටු දැකීමේ ක්රියාවලිය ඉන් එකක් බවයි රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් මන්ත්රීවරයා සඳහන් කළේ.
දැවැන්ත සීනි බදු වංචාවට එරෙහිව ජාතික ජන බලවේගයේ සුනිල් හදුන්නෙත්ති විසින් පවරා තිබෙන නඩුවේ ඔහුගේ නීතීඥයා ලෙස කටයුතු කරන්නේද තමන් බව එම්.ඒ. සුමන්තිරන් මන්ත්රීවරයා වැඩිදුරටත් ප්රකාශ කර සිටියේය.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi