සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී ඡන්ද පොළවල් තුළට ජංගම දුරකථන රැගෙන යෑම තහනම් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇති බව එම කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක ප්‍රකාශ කර ඇත.
‘නිදහස් සහ සාධාරණ ජනාධිපතිවරණයක් සහතික කිරීමේ මාධ්‍ය භූමිකාව’ තේමා කරගනිමින් ශ්‍රී ලංකා පුවත්පත් සංගමය විසින් ඊයේ සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයක් අමතමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක කියා සිටියේ සලකුණු කරන ලද තැපැල් ඡන්ද පත්‍රිකාවල ඡායාරුප සමාජ මාධ්‍ය වෙත මුදා හැරීම නිසා මෙම පියවර ගෙන ඇති බවයි.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක කියා සිටියේ සලකුණු කළ තැපැල් ඡන්ද පත්‍රිකාව සමාජ මාධ්‍ය වෙත නිකුත් කළ පුද්ගලයා මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවද ඒ මහතා ප්‍රකාශ කර සිටියේය.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi