මත්ද්‍රව්‍ය උවදුර තුරන් කර දේශපාලකයන්ගේ ආරක්ෂාවත් ඉවත් කරනවා

අනුරාධපුර ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් අනුර කුමර දිසානායක මහතා ප්‍රකාශ කර ඇත්තේ, දිවයිනේ විවිධ ප්‍රදේශවල මත්ද්‍රව්‍ය බෙදාහැරීම දේශපාලනඥයන්ගේ අනුග්‍රහයෙන් සිදුවන බව‍යි.
ඔහු එහිදී පෙන්වා දුන්නේ දරුවන් මත්ද්‍රව්‍ය උවදුරට ගොදුරු වී ඇති බවත්, දරුවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ විට මුළු පවුලම පීඩාවට පත්වන බවත් ය.
ජාතික ජන බලවේගය කිසිවකුට බියක් හෝ ණයගැති නොවන බවත්, මත්ද්‍රව්‍ය උවදුර තුරන් කළ හැකි එකම ආණ්ඩුව ජාතික ජන බලවේගය පිහිටුවන ආණ්ඩුව බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
පොලිසියට නීතිය හා සාමය ආරක්ෂා කිරීමට ජාතික ජන බලවේගය නිදහස ලබාදෙන බව පැවසූ අනුර කුමාර දිසානායක, දේශපාලනඥයන්ට ආරක්ෂාවට තර්ජන නොමැති නම් ඔවුන්ට ලබාදී ඇති ආරක්ෂාව ඉවත් කරන බවද පැවසුවේය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart