අගෝස්තු මාසයට අදාළව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කරන ලද මාසයේ ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව ලෙස ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ හා හර්ෂිතා සමරවික්‍රම නම් කර තිබේ.
අගෝස්තු මස පිරිමි ක්‍රිකට් ක්‍රිඩක සම්මානයට වෙල්ලාලගේ සමගින් දකුණු අප්‍රිකාවේ කේෂව් මහාරාජ් සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමේ ජේඩන් සීල්ස් නිර්දේශ වී තිබිණි.
දුනිත් වෙල්ලාලගේ මේ වසරේ මාර්තු මසදීද අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල ක්‍රිකට් ක්‍රීඩක සම්මානයට කමිඳු මෙන්ඩිස් සමග නිර්දේශ වී තිබිණි.
මේ අතර අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල අගෝස්තු මස හොදම ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි සම්මානය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හර්ෂිතා සමරවික්‍රමට හිමිව ඇත.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi