පසුගිය දිනක පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හේතුවෙන් නවක මන්ත්‍රිවරු 85දෙනකුට පමණ විශ්‍රාම වැටුප් හිමිකම අහෝසි වී ඇතැයි වාර්තා වේ. ඒ අනූව පාර්ලිමේන්තුවේ වසර 5ක් සම්පූර්ණ කරන මන්ත්‍රිවරයකුට රුපියල් 45000 බැගින් ජීවිත කාලය පුරාවට විශ්‍රාම වැටුපක් හිමිවන අතර ඉහත මන්ත්‍රිවරුන්ට එම වරප්‍රසාදය අහිමි වන්නේ ලබන වසරේ නිලකාලය අවසන් වීමට නියමිත වූ පාර්ලිමේන්තුව කලින්ම විසුරුවා හැරීම නිසාවෙන් බව ද සඳහන් ය .එහි දී පාර්ලිමේන්තු වාර දෙකක් සම්පූර්ණ කරන මන්ත්‍රිවරයෙක්ට ලැබෙන විශ්‍රාම වැටුප රුපියල් 55000ක් වන බව ද වැඩි දුර ආරංචි මාර්ග පවසා ඇත.
මන්ත්‍රිවරයකුගේ වැටුප රුපියල් 53085ක් බවත් එම වැටුපට අමතරව පාර්ලිමේන්තුව රැස්වීම් වලට සහභාගි වීම වෙනුවෙන් එක් දිනක පැමිණීමේ දීමනාව ලෙස රුපියල් 2500ක් ලැබෙන අතර පාර්ලිමේන්තුව නොපැවැත්වෙන දිනවල රැස්වන කාරක සභා සඳහා සහභාගිවීම වෙනුවෙන්ද රුපියල් 2500ක් හිමිවන බව වාර්තා වේ.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi