‘ඊ-වීසා වංචාව’ ගැන රජය පරීක්ෂණ ආරම්භයි

හිටපු මහජන ආරක්ෂක ඇමතිවරයා සහ හිටපු ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් සිදුවූ වීසා ගනුදෙනුවට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන පාඨලී චම්පික රණවක,රවුෆ් හකීම් සහ එම්.ඒ.සුමන්තිරන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කල “ඊ-වීසා” වංචාව පෙත්සම සම්බන්ධව රජය පරීක්ෂණයක් ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ.
මෙම කොන්ත්‍රාත්තුව පාරදෘශ්‍ය ලෙස ලබාදී නැති බවත්, වසර 16ක කාලයක් තුළ ඩොලර් බිලියන 2.75ක් දක්වා උපයා ගැනීමට කොන්ත්‍රාත්තුව ලබාදී තිබූ බවටත් එම මන්ත්‍රීවරුන් චෝදනා ගොනුකර තිබින.
දැන්, ආගමන බලධාරීන් විසින් අප්‍රේල් 17 ට පෙර පැවති නිර්ණායකයට අනුව පැමිණීමේ වීසා නිකුත් කිරීමේ ඉලෙක්ට්‍රොනික ගමන් බලපත්‍ර ක්‍රියාවලිය නැවත ස්ථාපිත කර ඇති අතර ආගමන විගමන දෙපාර්තමේන්තුව භාර විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් වෝහාරික විගණනයක් සිදු කරන බව තහවුරු කර ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart