බදු නොගෙවූ මත්පැන් නිෂ්පාදකයින්ට බලපත්‍ර ලබා නොදීමට තීරණය කරයි

හිඟ බදු නොගෙවූ මත්පැන් නිෂ්පාදකයින් හට ඉදිරි වර්ෂය සදහා බලපත්‍ර ලබා නොදෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසා ඇත.
මත්පැන් නිෂ්පාදන සමාගම් සහ සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන් අතර හමුවක් ඊයේ (02) සිදුව තිබේ.
එහිදී බදු අය කරගැනීම, ඉදිරි නිෂ්පාදන කටයුතු ඇතුළු නව වැඩසටහන් පිළිබදව සාකච්ඡා කර ඇති බව සඳහන් වේ.
2023-2024 වර්ෂ සදහා මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අය විය යුතු හිඟ බදු ප්‍රමාණය රුපියල් බිලියන 1.8 කට ආසන්න බව සුරාබදු දෙපාර්තුමේන්තුව ප්‍රකාශ කර තිබේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart