ශ්‍රී ලංකාව අද තරඟ බිමට


මෙවර කාන්තා 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන දෙවැනි තරඟය අද (05) දා ඔස්ට්‍රේලියාව සමඟ පැවැත්වීමට නියමිතව ඇති අතර B කාණ්ඩායේ තරඟයක් ලෙස පැවැත්වෙන මෙම තරඟය සාජා හි පැවැත්වේ.
පාකිස්තාන කාන්තා කණ්ඩායම සමඟ පැවති පළමු තරඟය අනපෙක්ෂිත ලෙස පරාජය වීමත් සමඟ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට තරඟාවලියේ අවසන් පූර්ව තරඟ වටයේ සිය බලාපොරොත්තු තබා ගැනීමට මෙම තරඟය ජය ගැනීම අනිවාර්ය වී ඇත.
ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා කාන්තා තරඟය මෙරට වේලාවෙන් පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිතව තිබේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart