මහ මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායම් රැසක්


ඊයේ (04) දිනය වනවිට මෙවර මහ මැතිවරණය අදාළව ස්වාධීන කණ්ඩායම් 122 ක් ඇප මුදල් තැන්පත් කර ඇති අතර ඊයේ දිනය තුළ පමණක් ස්වාධීන කණ්ඩායම් 36 ක් ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව විසින් පවසා ඇත.

මේවන විට මැතිවරණ කොට්ඨාස 22 න් 21 ක් සඳහා ස්වාධින කණ්ඩායම් විසින් ඇප මුදල් තැන්පත් කිරීම සිදුකර ඇති නමුත් මාතලේ මැතිවරණ කොට්ඨාසය සඳහා කිසිදු පාර්ශවයක් ඊයේ දිනය වනවිට ඇප මුදල් තැන්පත් කර නොතිබූ බව හා ජනසෙත පෙරමුණ පක්ෂය යාපනය සහ වන්නි මැතිවරණ කොට්ඨාසය වෙනුවෙන් නාම යෝජනා භාර දී ඇති අතර ස්වාධීන කණ්ඩායම් තුනක් ද ඊයේ නාමයෝජනා භාර දී ඇති බව ද වැඩි දුරටත් වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart