පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර ළඟම තැපැල් කාර්යාලයට හෝ පාර්ලිමේන්තුවට ඛාර දෙන ලෙස තැපැල් දෙපාර්තමේන්තුව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දන්වා තිබේ.
තැපැල් දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත්තේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම එම මුද්දර පාවිච්චි කිරීම තහනම් බවයි.
එමෙන්ම එම මුද්දර අවලංගු ඒවා හැටියට සලකන ලෙස ද තැපැල්පතිවරයා විසින් දිවයිනේ සියලුම තැපැල් කාර්යාලවලට දැනුම් දී ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට වාර්ෂිකව රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා මුද්දර නොමිලේ නිකුත් කෙරෙන අතර, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට සපයා ඇති සියලු පහසුකම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ අහෝසි වී යන බවයි සඳහන් වෙන්නේ.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi