සිවිල් වැසියන්ට පෞද්ගලික ආරක්ෂාව සඳහා නිකුත් කර ඇති සියලුම ආයුධ ආපසු ලබාදෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශයෙන් සිදුකළ දැනුම්දීම මත නිකුත් කරන ලද ගිනි අවි 1,690 න් 30 ක් පමණක් වැලිසර නාවික හමුදා කඳවුරට ආපසු ලබා දී ඇති බවට වාර්තා වේ.මෙම අවි ලබාගත් අය අතර මන්ත්‍රීවරුන් 100කට අධික පිරිසක්ද සිටියි.
විවිධ තර්ජනවලට ලක්වන බව පවසමින් ප්‍රභූවරුන් රට පුරා පිහිටි පොලිස් ස්ථානවලින් පොලිස් වාර්තා ලබාගෙන ඇති බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ජනමාධ්‍ය වෙත පවසා ඇත.
විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ පාලනයේ කොටස්කරුවන් වූ ඇතැම් දේශපාලනඥයන් ගිනි අවි 10 බැගින් ලබාගෙන ඇති බව පැවසේ. පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ මෙම ආයුධවලින් සමහරක් අතුරුදන්ව ඇති බවයි.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi