ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී ව්‍යාධිජනක ශුද්‍රජීවීන් හා අහිතකර බැක්ටීරියා අඩංගු කාබනික පොහොර නැවක් ආනයනය කර රජයට රුපියල් කෝටි 130කට අධික පාඩුවක් සිදු කලේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි මහේෂ් ලසන්ත ගම්මන්පිල නම් සැකකරු ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි අද නියෝග කළාය.
මෙසේ ඇප මත මුදා හරින ලද්දේ ජාතික ජන බලවේගය ආණ්ඩුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඌව පළාත් ප්‍රධාන ලේකම් ලෙස පත් කරන ලද මහේෂ් ගම්මන්පිල ය.