සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුවෙක් නවක වදය හේතුවෙන් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සිසුන් දෙදෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ ඒ අනුව, එම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 10 ක් අත්අඩංගුවට ගෙන ඇති බව ය.
අත්අඩංගුවට ගත් සිසුන් දෙදෙනා බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව ද පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.