අද දිනයේ රටේ ස්ථාන කිහිපයක සුළු මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධීන් වාර්තා වී තිබෙන බව පැෆරල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි ප්‍රකාශ කරයි.
“කෑගල්ලෙන් එක් සිද්ධියක් වාර්තා වූ අතර එහිදී ඡන්ද දායකයින්ට බලපෑම් කිරීමට උත්සාහයක් දරා තිබෙනවා. ඡන්ද දායකයින්ට ප්‍රවාහන පහසුකම් සැපයීමේ සිද්ධීන් ද වාර්තා වෙනවා,”
කෙසේ වෙතත්, ප්‍රචණ්ඩ ක්‍රියා කිසිවක් වාර්තා වී නොමැති බැවින් පළාත් පාලන මැතිවරණය සාමකාමීව පැවැත්වෙන බව ඔහු පැවසීය.