කෝසල නුවන් ජයවීරගේ පුරප්පාඩුව සඳහා සමන්ත රණසිංහ දිවුරුම් දෙයි

කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස සමන්ත රණසිංහ අද (08) කතානායක ජගත් වික්‍රමරත්න ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

පසුගිය මාසයේ ජාතික ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීර මහතාගේ අභාවය හේතුවෙන් ඇති වූ පුරප්පාඩුව සඳහා ඔහු මෙසේ දිවුරුම් දුන්නේ ය.

පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීර හදිසියේ ඇති වූ හෘදයාබාධයක් සඳහා කරවනැල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය අප්‍රේල් 6 වෙනිදා අභාවප්‍රාප්ත වන විට 38 වන වියේ පසු විය.

සමන්ත රණසිංහ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ දී ජාතික ජන බලවේගයේ රඹුක්කන ආසනයේ සංවිධායකවරයා වශයෙන් කටයුතු කළ අතර, මනාප ඡන්ද ප්‍රමාණය අනුව ඊළඟට ජාතික ජන බලවේගය ලැයිස්තුවේ නම සඳහන් වන අපේක්ෂකයා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart