කොළඹ මහා නගර සභාවේ බලය ලබා ගැනීමේ සටන උග්‍ර අතට.. සජබ මාලිමා දෙපාර්ශවයම සූදානම්..!

කොළඹ මහා නගර සභාවේ පාලනය භාර ගැනීම සඳහා ජාතික ජන බලවේගයට අයිතියක් ඇති බව රජයේ මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කරයි.

“තනි පක්ෂයක් විදියට වැඩිම ආසන ප්‍රමාණයක් දිනා ගත්තෙ අපි. ඉතිං අපිට අයිතියක් තියෙනවා සභාවෙ බලය ලබා ගන්න, අපි ඒ අනුව ක්‍රියා කරනවා”

මීට පෙර සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ඇතුළු නායකයින් සඳහන් කළේ විපක්ෂයේ අනෙකුත් පක්ෂ සමග එකතු වී කොළඹ මහා නගර සභාවේ නගරාධිපතිවරයා පත් කිරීමට සූදානම් බව ය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart