ඇමැති නලින්ද ජයතිස්ස තවත් ලැයිස්තුවක් එළි දක්වයි..!

රජයේ මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස අද තවත් ලැයිස්තුවක් ප්‍රකාශයට පත් කළේය. ඒ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සිදු කරන ලද විදේශ සංචාරයන් පිළිබඳව ය. මින් පෙර ආණ්ඩුව අපහසුතාවට පත් වන සෑම අවස්ථාවකදී ම මෙවන් ලැයිස්තුවක් ආණ්ඩුව විසින් ප්‍රකාශයට පත් කරන ලද අතර, එම ලැයිස්තුවලට අදාළ පියවර ගැනීමක් නම් අසන්නට දකින්නට නොලැබිණ.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් මත්පැන් බලපත්‍ර ලබා දුන් ලැයිස්තුවක් ද, ජනාධිපති අරමුදලින් මුදල් ලබා ගත් මැති ඇමැතිවරුන්ගේ ලැයිස්තුවක් ද, ඇතුළු විවිධ ලැයිස්තු ප්‍රකාශ කිරීම ආණ්ඩුව විසින් දැන් පුරුද්දක් කරගෙන තිබේ. නමුත් ඒ ගැන ගත් පියවරක් නම් නැත. මේ අලුත්ම ලැයිස්තුව ගැන නලින්ද ජයතිස්ස කරන කතාවයි.

ඒ අනුව 2022 සිට 2024 දක්වා කාලය තුළ රනිල් වික්‍රමසිංහ මහතා නිල විදේශ සංචාර 23කට සහභාගී වී ඇති අතර, එම සංචාර සඳහා රුපියල් බිලියන 1.027කට අධික මුදලක් වැය වී ඇත.

එම සංචාරවල අරමුණු සහ සහභාගී වූ පිරිස පිළිබඳව ද නලින්ද ජයතිස්ස මහතා විසින් තොරතුරු හෙළි කර ඇත. ඒ අනුව,

  • 2022 වසරේ සංචාර 4 සඳහා පුද්ගලයින් 63 දෙනෙකු සහභාගී වී ඇති අතර, ඒ සඳහා රුපියල් මිලියන 129.316,753ක් වැය වී ඇත.
  • 2023 වසරේ සංචාර 14 සඳහා පුද්ගලයින් 252 දෙනෙකු සහභාගී වී ඇති අතර, ඒ සඳහා රුපියල් මිලියන 577.964,372ක් වැය වී ඇත.
  • 2024 වසරේ සංචාර 5 සඳහා පුද්ගලයින් 111 දෙනෙකු සහභාගී වී ඇති අතර, ඒ සඳහා රුපියල් මිලියන 300.065,855ක් වැය වී ඇත.

මීට අමතරව, රනිල් වික්‍රමසිංහ මහතා පෞද්ගලිකව සහභාගී නොවූ නමුත්, ඔහුගේ නියෝජිතයින් සහභාගී වූ විදේශ සංචාර 19ක් සඳහා රුපියල් මිලියන 19.821,797ක් වැය වී ඇති බව ද නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම සංචාරවලින් රටට ලැබුණු ප්‍රතිලාභ සම්බන්ධයෙන් ද දීර්ඝ ලේඛනයක් ඇති බවත්, එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් නලින්ද ජයතිස්ස පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart