කොටහේනේ පාසල් සිසුවියකගේ දිවි නසාගැනීම සම්බන්ධයෙන් විමර්ශන.. ගුරුවරයා මාලිමා අපේක්ෂකයෙක්?

කොටහේනේ බාලිකා පාසලක 10 වැනි ශ්‍රේණියේ සිසුවියකගේ සියදිවි නසාගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා පාසල් විදුහල්පතිවරයාගෙන් ප්‍රශ්න කිරීමට සහ සිද්ධියට සම්බන්ධ පිරිමි ගුරුවරයා වෙනත් පාසලකට මාරු කිරීමට තීරණය කර තිබේ.

මේ අතර, බම්බලපිටියේ රාමනාදන් හින්දු කාන්තා විද්‍යාලය අද උදෑසන දැඩි නොසන්සුන් තත්ත්වයකට පත්විය.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන වාර්තාව කැඳවා ඇති අතර, එය ලැබුණු වහාම සුදුසු විනය ක්‍රියාමාර්ග ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන දැනට ක්‍රියාත්මක වේ.

මේ අතර අදාළ සිදුවීමට සම්බන්ධ ගුරුවරයා ජාතික ජන බලවේගයෙන් පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් වූ පක්ෂ සාමාජිකයෙක් බව ද සමාජ මාධ්‍යයේ ප්‍රචාරය වෙමින් පවති..

news images

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart