ගල්කිස්ස ප්‍රදේශයේ දී පසුගියදා සිදුවූ මාරාන්තික වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ තුවක්කුකරු ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය පැවසුවේ 28 හැවිරිදි හිටපු ශ්‍රී ලංකා ගුවන් හමුදා සෙබළෙකු වන සැකකරු කොටුවාව, විහාර මාවතේ දී අත්අඩංගුවට ගත් බවයි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී පොලිසිය විසින් දේශීයව නිෂ්පාදිත අත්බෝම්බයක්, මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ 15 ක් සහ යතුරුපැදි අංක තහඩු දෙකක් සොයාගෙන ඇත.
ඔහුට මැයි 5 වන දින දෙහිවල පදිංචි 19 හැවිරිදි තරුණයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනා එල්ල වී තිබේ. යතුරුපැදියකින් පැමිණි අනන්‍යතාව නොදන්නා පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම තරුණයාට වෙඩි තබා ඇත.
සිදුකළ විමර්ශනවලින් හෙළි වී ඇත්තේ අත්අඩංගුවට ගත් සැකකරු වෙඩි තැබූ පුද්ගලයා බවත්, ඔහු මීට පෙර කඩවත ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියකට ද සම්බන්ධ බවත්ය.
මීට පෙර පොලිසිය විසින් යතුරුපැදිකරු සහ අපරාධයට ආධාර අනුබල දුන් බවට චෝදනා ලැබූ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.
මෙම සිද්ධියට සම්බන්ධ සියලුම සැකකරුවන් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පැවසීය.
ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න බ්රාහ්මනගේ සෘජු අධීක්ෂණය යටතේ විමර්ශන කටයුතු සිදු කෙරේ.
ප්‍රධාන සැකකරු වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා පැය 48 ක කාලයක් රඳවාගෙන සිටී.