හිටපු අමාත්‍යවරුන් වන මර්වින් සහ ප්‍රසන්න රක්ෂිත බන්ධනාගාරයට..

කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩම් කොටසක් ව්‍යාජ ලියකියවිලි සකස් කර පුද්ගලික පාර්ශ්වයකට විකුණා ඇති බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍යවරුන් වන මර්වින් සිල්වා සහ ප්‍රසන්න රණවීර සහ තවත් තිදෙනෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා සහ නඩුවේ අනෙකුත් විත්තිකරුවන් හතර දෙනා මැයි 26 වනදා දක්වා මහර මහේස්ත්‍රාත් අධිකරණය විසින් නැවත රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව අප වාර්තාකරු සඳහන් කළේ ය.

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ව්‍යාජ ලියකියවිලි සකස් කර රජයට අයත් ඉඩම් කොටසක් පුද්ගලික පාර්ශ්වයකට විකුණා ඇති බවට චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මාර්තු 05 වන දින අත්අඩංගුවට ගන්නා ලදී.

මේ අතර, සති කිහිපයක් තිස්සේ අත්අඩංගුවට ගැනීම මගහරිමින් සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මැයි 7 වන දින අධිකරණයට භාර වූ අතර පසුව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart