විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ජීවිතයට එල්ල වූ තර්ජන සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යවරයා අද (20) පාර්ලිමේන්තුවේ දී කරුණු හෙළි කළේය. 2024 අගෝස්තු මාසයේ දී අමාත්‍යාංශයේ හදිසි දුරකථන සේවාව (hotline) හරහා පැමිණිල්ලක් ලැබී ඇති බව ඔහු සඳහන් කළේය.
“එම පැමිණිල්ලේ සඳහන් වුණේ ‘ලොකු පැටී’ නම් පාතාල නායකයෙකුගේ සගයෙකු විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කර ගනිමින් ස්නයිපර් ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බවයි,” අමාත්‍යවරයා පැවසීය.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ තොරතුරුකරු විසින් ඉදිරිපත් කරන ලද කරුණු අසත්‍ය බවයි. පැමිණිල්ල සිදු කළ ජංගම දුරකථන අංකය සම්බන්ධයෙන් ද පරීක්ෂණයක් සිදු කර ඇති අතර, එම පැමිණිල්ලට අදාළ කරුණු සත්‍ය නොවන බව තහවුරු වී ඇති බව අමාත්‍ය විජේපාල අවධාරණය කළේය.