කළුතර සජබ අපේක්ෂකයාට වෙඩි තැබූ සැකකරුවන් තිදෙනෙකු අල්ලයි..!

මෙවර පළාත් පාලන මැතිවරණයට කළුතර මහා නගර සභාවට ඉදිරිපත්ව සිටි අපේක්ෂකයෙකුට කළුතර ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සමගි ජන බලවේගයෙන් ඉදිරිපත්ව සිටි අපේක්ෂක බන්දුල ප්‍රසන්න ඉලක්ක කර ගෙන මෙම වෙඩි තැබීම සිදු කර තිබිණ.

සැකකරුවන් තිදෙනා සමඟ වෙඩි තැබීමට පැමිණි යතුරුපැදිය සහ වෙඩි තැබීම සිදුකළ ගිනි අවිය ද කළුතර අපරාධ කොට්ඨාසය විසින් සොයාගෙන තිබේ.

වෙඩි තැබීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අනුව එක් සැකකරුවෙකු පළමුවෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ අනෙක් සැකකරුවන් දෙදෙනා සහ වෙඩිතැබීම සිදුකළ ගිනිඅවිය සොයාගෙන ඇති අතර, සැකකරුවන් තිදෙනාගෙන්ම වැඩිදුරටත් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ පයාගල ප්‍රදේශයේ ස්ථාන කිහිපයක සඟවා තිබු තවත් යතුරුපැදි  6ක් සොයාගෙන ඇත.

මෙම සැකකරුවන් ප්‍රදේශ කිහිපයකින් මෙලෙස යතුරු පැදි සොරකම් කර ඇති බව සිදුකළ විමර්ශන වල දී අනාවරණය වී තිබේ.

මෙම යතුරුපැදි කළුතර ප්‍රදේශයේ ක්‍රියාත්මක ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්හි සාමාජිකයකු වන බෝම්බුවල නවීන් නමැත්තාට විවිධ අපරාධ සඳහා මොවුන් විසින් ලබා දී ඇති බව පැවසේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ද, වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart