වත්මන් ආණ්ඩුව යටතේ මෙරට තුළ සිදුවූ දැවැන්තම මහා පරිමාණ හොරකම ලෙස සැලකෙන රේගු පරීක්ෂාවකින් තොරව බහලුම් 323ක් නිදහස් කිරීමට අනුමැතිය ලබා දී ඇත්තේ අමාත්‍ය බිමල් රත්නායක විසින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අද (මැයි 25) චෝදනා කළේය. කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.
මෙහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, එසේ නිදහස් කරන ලද බහාලුම් ප්‍රමාණයට ඉන්පසු සිදුවූයේ කුමක්දැයි කිසිදු සඳහනක් නොමැති බවට ද චෝදනා කළේය. තවදුරටත් අදහස් දැක්වූ ඔහු, මේ සම්බන්ධයෙන් වන තොරතුරු ඉල්ලා සිටින විට ලබා දී ඇත්තේ ඒවා ගෙන්වන ලද රටවල් පිළිබඳ තොරතුරු පමණක් බවත්, ඊට අදාළ කිසිදු රේගු සටහන්කරයක් ලබා දී නොමැති බවත් පැවසීය.
මෙම තොරතුරු ලබා දීමට රේගුව කටයුතු නොකරන ලද බවත්, ඊට හේතුව ලෙස “පුද්ගලිකත්වය හෙළිදරව් වන්නේ යැයි” පදනමක් ඉදිරිපත් කළ බවත් දයාසිරි ජයසේකර වැඩිදුරටත් පැවසීය.
ඒ අනුව, මෙම සිද්ධියට අදාළ සම්පූර්ණ තොරතුරු අධිකරණය හමුවට ගොස් හෝ ලබා ගැනීමට කටයුතු කරන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අවධාරණය කළේය. මෙම චෝදනා, රටේ රේගු පද්ධතියේ විනිවිදභාවය සහ වත්මන් ආණ්ඩුවේ පාලනය පිළිබඳව බරපතල ප්‍රශ්න මතු කර තිබේ.