වැල්ලවත්ත මහල් නිවාස සංකීරණයකදී රත්‍රං ආලේපිත T56 ගිනි අවියක් සොයා ගැනීම සම්බන්ධයෙන් පසුගිය සිකුරාදා අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක ඊට පසුදින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. තිඹිරිගස්යාය ප්‍රදේශයේ පිහිටි නිවාස සංකීර්ණයක සිටියදී පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් හිටපු අමාත්‍යවරයාව අත්අඩංගුවට ගෙන තිබූ අතර ඒ සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබුණි.
කෙසේවෙතත් වැලිකඩ බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලැබූ හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක බන්ධනාගාර වෛද්‍යවරුන් ලබා දුන් නිර්දේශ මත, යළි මැගසින් බන්ධනාගාරය වෙත මාරු කර තිබේ.
වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත්තේ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය මේ වනවිට යහපත් බැවින් තවදුරටත් හිටපු අමාත්‍යවරයා බන්ධනාගාර රෝහලේ තබාගෙන ප්‍රතිකාර කිරීමට අවශ්‍ය නොමැති බවයි.