කිසිදු අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් හෝ අග්‍රාමාත්‍ය තනතුරෙහි වෙනසක් සම්බන්ධයෙන් ආණ්ඩුව කිසිදු සාකච්ඡාවක් සිදු කර නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්ත ප්‍රකාශ කරයි.
සමහර මාධ්‍ය වාර්තා කරන පරිදි කැබිනට් මණ්ඩලය සංශෝධනය කිරීම හෝ අගමැති වෙනස් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ කිසිදු සාකච්ඡාවක් සිදු වී නොමැති බවත්, මාධ්‍ය විසින් ගැටලු නිර්මාණය කරමින් සිටින බවත් ඔහු මාධ්‍ය අමතමින් ප්‍රකාශ කළේ ය.
“එවැනි ප්‍රශ්න නැහැ. ආණ්ඩුව තුළ අභ්‍යන්තර ගැටුමක් නැහැ. එවැනි අදහස් පළ කරන අයගේ ඔළුව පරීක්ෂා කළ යුතුයි කියා මම හිතනවා,”
කෙසේවෙතත්, ජාතික ජන බලවේගය තුළ සිටින ප්‍රධාන පක්ෂය සහ එක ම දේශපාලන පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණේ ප්රමුඛ පෙළේ නායකයෙකු ලෙස සැලකෙන බිමල් රත්නායක මින් පෙර සඳහන් කළේ, අනුර කුමාර දිසානායක පමණක් නායකයා වශයෙන් ඉස්මතු විය යුතු බවත්, අනෙකුත් සියළු ම පුද්ගලයින් පක්ෂය තුළ දිය විය යුතු බවත් ය. එය තම පක්ෂයේ ස්වභාවය බවත් හෙතෙම පෙන්වා දුන්නේ ය. මේ අතර, හරිනි අමරසූරියගේ නායකත්වයෙන් යුත් වෙනම කණ්ඩායමක් ජාතික ජන බලවේගය තුළ සිටින බවත්, යම් මොහොතක ජනතා විමුක්ති පෙරමුණේ ‘පැලවත්ත අණදෙණ නිලධාරීන්ගේ; මැදිහත් වීම අනවශ්‍ය ලෙස අමාත්‍යවරුන් වෙත එල්ල වුවහොත් ඊට එරෙහිව නැගී සිටීමට ඔවුන් සූදානම් බවත් දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර තිබිණ.