හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දැනට පදිංචි නිවස සම්බන්ධයෙන් මාලිමා ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු දැඩි අවධානයක් යොමු විය. ආණ්ඩුව විසින් රාජපක්ෂ මහතාට එම නිවසින් ඉවත් වන ලෙසටත්, එසේ නොවුණහොත් අවසන් නිවේදනයක් නිකුත් කරන බවටත් ප්‍රකාශ කර තිබුණි.
ඊට ප්‍රතිචාර දැක්වූ හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ, ලිඛිත දැනුම් දීමක් ලැබුණහොත් තමා එම නිවසින් ඉවත් වන බවයි. කෙසේ වෙතත්, වාර්තා වන පරිදි විදේශ රටවල් දෙකක් විසින් රාජපක්ෂ මහතාට එම නිවසේ රැඳී සිටීමට අවසර දෙන ලෙසට ආණ්ඩුවෙන් ඉල්ලා ඇත.
පෞද්ගලික ගුවන් විදුලි සේවාවක වැඩසටහනකින් මේ බව අනාවරණය කෙරිණ.