අසත්‍ය තොරතුරු පතුරුවා හැරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සහ හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හමුවට ඉතා ඉක්මනින් කැඳවන බවට අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර අද (ජුනි 04) පාර්ලිමේන්තුවේ දී පුපුරන සුළු ප්‍රකාශයක් සිදු කළේය.
“උතුරු මැද පළාතේ වාහන අලෙවිය සම්බන්ධයෙන් මන්ත්‍රී ජයසේකර සම්පූර්ණයෙන්ම වැරදි තොරතුරු ප්‍රකාශ කළා. උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට තර්ජනය කළාම තමයි ඔහු සමාව අයැද සිටියේ. මේක කොහෙත්ම පිළිගන්න බැහැ!” අමාත්‍යවරයා දැඩි ලෙස අවධාරණය කළේය.
“මන්ත්‍රීවරයාගේ ක්‍රියාව හරියට කෙසෙල් කැනක් හොරකම් කරලා, ආපහු දීලා, ‘ක්‍රියාමාර්ග ගන්න එපා’ කියලා ඉල්ලනවා වගෙයි,” අමාත්‍යවරයා සඳහන් කළේ මන්ත්‍රීවරයාට එරෙහිව අනිවාර්යයෙන්ම නීතිමය පියවර ගන්නා බවයි.
එමෙන්ම, බහාලුම් නිෂ්කාශනය සම්බන්ධයෙන් උදය ගම්මන්පිල හෙළිදරව් කළ තොරතුරු සම්බන්ධයෙන් ද, ඔහු ඉක්මනින්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවන බව අමාත්‍යවරයා අනාවරණය කළේය.