හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසන්නේ, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය එම ධූරයෙන් ඉවත් කිරීමට රජය කටයුතු කරන්නේ “රජයේ පදයට නටන” නිලධාරියෙකු එම තනතුරට පත්කර ගැනීමේ අරමුණින් බවයි.
ගම්මන්පිල වැඩිදුරටත් සඳහන් කරන්නේ, උපුල්දෙණිය මහතාට සෘජුව සම්බන්ධ නැති කාරණාවක් හේතුවෙන් අත්අඩංගුවට පත්වීමට සිදුව ඇති බව ය. ඔහු දේශපාලඥයන්ට අවශ්‍ය පරිදි කටයුතු නොකරන, සෘජු හා ස්වාධීන නිලධාරියෙක් බවත් ගම්මන්පිල කියයි. මෙම අදහස් ඔහු අද (ජූනි 11) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබේ.
ජනාධිපති සමාව සහ අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් මතුවන ප්‍රශ්න
ජනාධිපති සමාව ලබාදීමේ ක්‍රියාපටිපාටිය අනුව, සමාව ලබාදුන් ලේඛනයකට පසුව නමක් එක් කිරීමට බලය ඇත්තේ පුද්ගලයන් හතර දෙනෙකුට පමණක් බව ගම්මන්පිල මහතා පෙන්වා දෙයි. ඔවුන් වන්නේ:
- ජනාධිපති ලේකම්
- අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්
- බන්ධනාගාර කොමසාරිස් ජනරාල්
- අදාළ බන්ධනාගාරයේ බන්ධනාගාර අධිකාරීවරයා
අනුරාධපුර බන්ධනාගාරයේ අධිකාරීවරයා අත්අඩංගුවට ගනු ලබන්නේ වැරැද්ද සිදුකළ පුද්ගලයා ලෙස නම්, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා අත්අඩංගුවට ගන්නේ වගවීමේ මූලධර්මය යටතේ නම්, ඔහුට ඉහළින් සිටින ජනාධිපති ලේකම් සහ අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් ද අත්අඩංගුවට ගත යුතු බව හිටපු මන්ත්‍රීවරයාගේ මතයයි.
අනිවාර්ය නිවාඩු යැවීම සහ කැබිනට් තීරණ
බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා අනිවාර්ය නිවාඩු යැවීමට අමාත්‍ය මණ්ඩලයට බලයක් තිබුණද, විධායකය විසින් ගන්නා තීරණ අත්තනෝමතික නොවීම, සාධාරණ සහ තාර්කික විය යුතු බව “රෝයල් පාක්” සිදුවීම සම්බන්ධයෙන් ලබාදුන් නඩු තීන්දුවේ සඳහන් වන බව ගම්මන්පිල සිහිපත් කරයි.
එබැවින්, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා අනිවාර්ය නිවාඩු යැවීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය අත්තනෝමතික නොවීම, සාධාරණ සහ තාර්කික වීමට නම්, විමර්ශනයක් සිදුකර වාර්තාවක් කැඳවා තීරණයක් ගත යුතු බවත්, මෙහිදී එවැන්නක් සිදුව නොමැති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල වැඩිදුරටත් අවධාරණය කරයි.