කොළඹ පුරපති සටන තීව්‍ර වෙයි – සජිත් – හකීම් හමුවෙයි!

කොළඹ මහ නගර සභාවේ පුරපති ධුරය සඳහා විපක්ෂයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා පිළිබඳව අවසන් එකඟතාවකට පැමිණීම සඳහා සමගි ජන බලවේගයේ (SJB) නායක සජිත් ප්‍රේමදාස සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් අද (ජූනි 12) කොළඹදී සාකච්ඡා පවත්වන බව වාර්තා වේ.

මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් පැවසුවේ, SJB නායකත්වය සමඟ සාකච්ඡා කර මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බවයි.

කෙසේ වෙතත්, මේ වන විට කොළඹ මහ නගර සභාවේ පුරපති ලෙස විපක්ෂයෙන් රිසා සාරුක්ගේ නම යෝජනා වී ඇති බවද සඳහන් වේ. මෙම සාකච්ඡාවෙන් පසු කොළඹ පුරපති සටනේ විපක්ෂයේ ඉදිරි පියවර පිළිබඳව පැහැදිලි චිත්‍රයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart