ශ්‍රී ලංකා රජය ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ අරමුණු සඳහා කැපවී සිටින බවත්, එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ඊළඟ වාරිකය ලබා ගැනීම වෙනුවෙන් සුබදායි ප්‍රතිපල බලාපොරොත්තු විය හැකි බවත් IMF පවසයි.
IMF හි සන්නිවේදන දෙපාර්තමේන්තු අධ්යක්ෂ ජූලි කොසැක් මහත්මිය පැහැදිලිවම සඳහන් කළේ, 15% කින් විදුලි ගාස්තු වැඩිවීම පිළිබඳව IMF නියෝජිතයින් තම ප්‍රසාදය පළ කර ඇති බවයි. ජූනි 11 වන දින සිදු වූ මෙම විදුලි බිල වැඩි කිරීම සහ සංශෝධිත තොග සැපයුම් ගනුදෙනු ගිණුමක් සඳහා මාර්ගෝපදේශ ප්‍රකාශයට පත් කිරීම ඇතුළුව, ගත් පියවර තක්සේරු කිරීම සඳහා IMF කණ්ඩායම ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සම්බන්ධ වී සිටී. මෙය පැහැදිලිවම පෙන්වා දෙන්නේ, රජය ජනතාවගේ දහඩිය කඳුළු මතින් IMF හි අවශ්‍යතා සපුරන බවය ?.
“මෙම වසරේ අප්‍රේල් 25 වන දින, IMF සහ ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාවේ ආර්ථික වැඩසටහනේ 4 වන සමාලෝචනය පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණියහ. සමාලෝචනය සම්පූර්ණ කිරීම IMF හි විධායක මණ්ඩලයේ අනුමැතිය බලාපොරොත්තුවෙන් සිටින අතර, එය පූර්ව ක්‍රියාමාර්ග සම්පූර්ණ කිරීම මත රඳා පවතී,” කොසැක් මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.
මෙම වාරිකය මගින් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 344ක පමණ මූල්‍යකරණයක් ලබා ගැනීමට ප්‍රවේශය ලැබෙනු ඇත. IMF විසින් එම මුදල් ලබාදෙන කාලය පිළිබඳව ඉදිරියේදී දැනුම් දෙනු ඇති බව සඳහන් වුවද, ප්රශ්නය වන්නේ, මෙම ආධාරය ලබා ගැනීම සඳහා ජනතාව ගෙවන මිල කුමක්ද යන්නයි. විදුලි බිල වැඩි කිරීමෙන් කර්මාන්ත ඇතුළු සමස්ත ආර්ථිකයට ඇති විය හැකි බලපෑම පිළිබඳව මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශය පවා මේ වන විට දැඩි විවාදයකට ලක්ව තිබේ. IMF අරමුදල් ලැබීම අත්‍යවශ්‍ය යැයි රජය පවසන අතර, එහි ප්රතිලාභ ජනතාවට සැබවින්ම ලැබේද යන්න පිළිබඳව දැඩි සැකයක් පවතී.