මහින්දානන්ද නාවලපිටිය නගරය අත්පත් කර ගනී

නාවලපිටිය නගර සභාවේ නගරාධිපති ධූරය ලබාගනිමින් එහි බලය පිහිටුවීමට හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහයෝගය දෙනු ලැබූ ස්වාධීන කණ්ඩායම් අංක 02 සමත්ව ඇත.
ඒ අනුව එම කණ්ඩයමේ නායකත්වය දැරූ අමල් ප්‍රියංකර නගරාධිපති ධූරය සඳහා පත්ව තිබෙන අතර ඒ ජන්ද 9ක් ලබාගනිමිනි. ඔහු එම නගර සභාවේ හිටපු නගරාධිපති ද වෙයි.
හිටපු අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ කියා දුන් මඟ ඔස්සේ ඉදිරියට යන බව නාවලපිටිය නගර සභාවේ නව සභාපති අමල් ප්‍රියංකර සඳහන් කරයි. ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ රූපවාහිනි වැඩසටහනක් සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි.

එසේම එම සභාවේ උප සභාපතිවරයා වශයෙන් ස්වාධීන කණ්ඩායම් අංක 01 යටතේ කරුපප්නන් සුරේෂ්වරන් මහතා ඡන්ද 09ක් ලබා ගනිමින් තේරි පත්විය.
මෙහිදි ජාතික ජන බලවේගයෙන් තිලක් අමරිසිරි සිරිසේන සහ උප සභාපතිවරයා වශයෙන් හේවගේ ප්‍රසන්න යොජනා කල අතර, ඔවුන් දෙදෙනම පැවති විවෘත ජන්දයෙන් ජන්ද 05 බැගින් ලබා ගෙන තිබේ.

මංගල සභා රැස්විම මධ්‍යම පළාත් පාලන කොමසාරිස් ඒ.එම්.කේ.පී.කේ. චමිලා අතපත්තුගේ ප්‍රධානත්වයෙන් අද (25) දින උදෑසන 9:00ට නාවලපිටිය නගර සභා රැස්වීම් ශාලාවේදි පැවැත්විණ.

නාවලපිටිය නගරසභාවට ජාතික ජන බලවේගයෙන් මන්ත්‍රීධූර 5ක්, ස්වාධීන කණ්ඩායම් අංක 02 මන්ත්‍රිධුර 5ක් , 2ක්, සමගිජන බලවේගයෙන් මන්ත්‍රීධූර 2ක් , එක්සත් ජාතික සංධානයෙන් මන්ත්‍රිධූර 1ක් , ස්වාධීන වශයෙන් එම නගර සභාව සභිකයින් 15ක්, දෙනෙකු නියෝජනය කරනු ලබයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart