රාජිත සේනාරත්නට අල්ලස් චෝදනා ,අත්අඩංගුවට ගැනීමට සූදානම්!

 

හිටපු ධීවර අමාත්‍යවරයෙකු වන රාජිත සේනාරත්න මහතා ඉක්මනින්ම අත්අඩංගුවට ගැනීමට නියමිත බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) ඊයේ (ජූනි 27) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ . කිරීන්ද වරායේ වැලි කැණීම් කටයුතු සඳහා කොරියානු සමාගමකට නිසි ක්‍රමවේදවලින් බැහැරව බදු ලබා දීමෙන් රජයට රුපියල් 26,230,496ක පාඩුවක් සිදුකිරීමට අදාළව ඔහුට චෝදනා එල්ල වී ඇත.

මෙම සිද්ධියට අදාළව එවකට ධීවර සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ උපාලි ලියනගේ මහතා ඊයේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණි. මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය විසින් ඔහු රුපියල් මිලියන පහක් වටිනා ශරීර ඇප තුනක් මත මුදා හැරීමට නියෝග කළාය.

අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂ (නීති) සුලෝචනා හෙට්ටිආරච්චි මහත්මිය අධිකරණයට දැනුම් දුන්නේ, මෙම සිද්ධියට අදාළව තවත් සැකකරුවන් සිටිනවාදැයි මහේස්ත්‍රාත්වරිය විමසූ අවස්ථාවේදී රාජිත සේනාරත්න මහතාව අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart