ටිල්වින් සිල්වා පාර්ලිමේන්තු එන්නේ නෑ – ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය වෙනත් අයෙකුට

මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුමගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය පුරප්පාඩු වීමත් සමඟ, ජාතික ජන බලවේගයට හිමි වූ එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා ජනතා විමුක්ති පෙරමුණේ (JVP) ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පත්වනු ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර ගිය වාර්තා ඔහු විසින් දැඩි ලෙස ප්‍රතික්ෂේප කර ඇත.

ටිල්වින් සිල්වා අවධාරණය කර ඇත්තේ තමන් කිසිසේත්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්වීමට අදහස් නොකරන බවයි. මෙම ප්‍රකාශයත් සමඟ, අදාළ පුරප්පාඩුව සඳහා ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුවේ ඉතිරිව සිටින අපේක්ෂකයින් අතරින් අයෙකු පත් කිරීමට නියමිත බව දැනට වාර්තා වේ.
හර්ෂණ සූරියප්පෙරුම පාර්ලිමේන්තුවට පිවිසියේ ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුවෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart