වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය දැඩි ලෙස අනතුරට ලක්ව ඇති බව දේශීය ආයෝජකයෝ ප්‍රකාශ කරති. ඔවුන් පවසන පරිදි, රජය මෑතකදී ගත් ප්‍රතිපත්තිමය තීරණයක් හේතුවෙන් ,
දේශීය ආයෝජකයන්ගෙන් සමන්විත පුනර්ජනනීය බලශක්ති සංවර්ධකයන්ගේ සම්මේලනය අවධාරණය කරන්නේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති මගින් විදුලිය මිලදී ගැනීමේ ගාස්තු 30% කින් අඩු කිරීමට රජය ගත් එම තීරණය වහාම සමාලෝචනය කර, නව හා සාධාරණ මිල ක්‍රමයක් ස්ථාපිත කළ යුතු බවත් එසේ නොමැති වුවහොත් සමස්ත ක්ෂේත්‍රයම කඩා වැටීමට ලක්විය හැකි බවත් ය.
සම්මේලනයේ සභාපති තුසිත පීරිස් මහතා කියා සිටින්නේ, “විදුලිය මිලදී ගැනීමේ ගාස්තු කෘතිමව අඩුකර තිබෙන බවත්. පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති පවත්වාගෙන යන දේශීය ආයෝජකයන් විදියට අපිට තිබෙන ප්‍රශ්නය තමයි මෙම නව මිල තීරණය කළේ කොහොමද? කුමන පදනමකින්ද යන්න පිළිබඳව.” ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ, බැටරි බලශක්ති ගබඩා පද්ධති ජාතික විදුලි ජාලය සමග ඒකාබද්ධ කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයට තවමත් ඇති නොහැකියාව, සූර්ය බලශක්ති ක්ෂේත්‍රයේ වර්ධනයට සෘජු තර්ජනයක් වී ඇති බවයි. විදුලිබල මණ්ඩලය කරන කටයුතු කිසිදු අධීක්ෂණයට ලක් නොවීමෙන් බරපතළ ගැටලු රැසක් මතුව ඇති බවද පීරිස් මහතා පෙන්වා දෙයි.
විදුලි මිලදී ගැනීමේ ගාස්තු වහාම සංශෝධනය නොකර, බැටරි බලශක්ති ගබඩා පද්ධති ආනයනය සඳහා වන තීරු බදු සහ අනෙකුත් බදු සම්පූර්ණයෙන්ම රජය ඉවත් නොකළහොත්, මෙරට පුනර්ජනනීය බලශක්ති අංශයේ “මළගම” උදාවිය හැකි බවට තුසිත පීරිස් මහතා දැඩි අනතුරු ඇඟවීමක් කරයි. මෙම තත්ත්වය රටේ බලශක්ති සුරක්ෂිතභාවයට මෙන්ම පරිසර හිතකාමී අනාගතයටද සෘජුවම බලපෑ හැකි බැවින්, රජයේ කඩිනම් සහ ඵලදායී මැදිහත්වීමක් මේ මොහොතේ අත්‍යවශ්‍ය වී තිබේ.