ලෝක ආර්ථික සමුළුව (Global Economic Forum) වැනි ජාත්‍යන්තර මට්ටමේ සමුළුවකදී අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති ඉංග්‍රීසි භාෂාවෙන් අදහස් දැක්වීම ‘විශාල අකරතැබ්බයක්’ බව ප්‍රවීණ දේශපාලන විචාරක මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි. වත්මන් ජාතික ජනබලවේගය (NPP) ආණ්ඩුව බලයට ගෙන ඒමට සහ එහි බලය තහවුරු කිරීමට ප්‍රබල දායකත්වයක් දුන් පුද්ගලයෙකු ලෙස ප්‍රකට මහාචාර්ය දේවසිරි, මෙම අදහස් පළ කර ඇත්තේ සිය යූටියුබ් නාලිකාවට එක් කළ වීඩියෝවක් මගිනි.
මහාචාර්ය දේවසිරි සිය අදහස් දැක්වීමේදී අවධාරණය කළේ, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් කළමනාකරණ උපාධියක් ලබා තිබුණද, ලෝක ආර්ථික සමුළුවකදී නැගෙන සංකීර්ණ ප්‍රශ්නවලට පිළිතුරු දීමට තරම් ‘පරිණත භාවයක්’ ඔහුට නොමැති බවයි.
ඔහු තවදුරටත් කියා සිටියේ, ආණ්ඩුවේ අවධානය යොමු වී ඇත්තේ රට තුළ බලය තහවුරු කර ගැනීමට පමණක් වන අතර, මෙවැනි ජාත්‍යන්තර වේදිකාවලදී රට නියෝජනය කිරීමේ වැදගත්කම පිළිබඳව ප්‍රමාණවත් සැලකිල්ලක් නොදක්වන බවයි. මෙම අවස්ථාවට හඳුන්නෙත්ති වෙනුවට ලක්මාලී හේමචන්ද්‍ර වැනි දක්ෂයෙකු යොමු කළේ නම් එය වඩාත් සුදුසු වන්නට ඉඩ තිබූ බවත්, එසේ නොමැති නම් පරිවර්තකයෙකුගේ සහය ලබාගෙන හෝ හඳුන්නෙත්ති අමාත්‍යවරයාට සභාව ඇමතීමට තිබූ බවත් මහාචාර්ය දේවසිරි අවධාරණය කළේය.