මාධ්‍යවේදී නිරෝෂ් මෛත්‍රීට රුපියල් ලක්ෂ 135ක වන්දි !

වසර 08ක් පුරා හිරු TV ප්‍රවෘත්ති අංශයේ සේවය කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී නිරෝෂ් මෛත්‍රී මහතා අනීතික ලෙස සේවයෙන් පහකිරීම සම්බන්ධයෙන් Asia Broadcasting Corporation (Pvt) Ltd ආයතනයට එරෙහිව පවරා තිබූ නඩුවෙන් එම ආයතනය පරාජයට පත්විය.

අධිකරණය විසින් ලබාදුන් තීන්දුව අනුව, නිරෝෂ් මෛත්‍රී සේවයෙන් පහකිරීමේදී ආයතනය විසින් එල්ල කරන ලද කිසිදු චෝදනාවක් සාක්ෂි සහිතව ඔප්පු කිරීමට ඔවුන් අසමත් වී ඇත. තවද, ආයතනයේ පාලනාධිකාරිය විසින් කිසිදු පදනමකින් තොරව, හිතළුවක් ලෙස මෙම චෝදනා නගා ඇති බවට අධිකරණය විසින් තීරණය කර තිබේ.

මෙම අසාධාරණය වෙනුවෙන්, වගඋත්තරකාර Asia Broadcasting Corporation සමාගම විසින් නිරෝෂ් මෛත්‍රීට රුපියල් ලක්ෂ 135ක විශාල වන්දි මුදලක් ගෙවිය යුතු බවට අධිකරණය නියෝග කළේය. විනිසුරුවරයා සඳහන් කළේ, එළඹෙන අගෝස්තු මස 02 වැනිදා දක්වා අභියාචනා කිරීමට වගඋත්තරකාර පාර්ශවයට කාලය හිමිවන අතර, එතෙක් අදාළ වන්දි මුදල අධිකරණයේ තැන්පත් කළ යුතු බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart