හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂට සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරොස්ට්ට එරෙහිව අද (ජූලි 02) කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරනු ලැබීය. මෙම අධි චෝදනා ගොනු කර ඇත්තේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වන තවත් නඩුවක් සඳහා වීම විශේෂත්වයකි.
කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා ඉදිරියේ මෙම අධි චෝදනා භාරදීම සිදුවිය. චෝදනා භාරදීමෙන් අනතුරුව, විත්තිකරුවන් දෙදෙනා ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කළේය.