ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය (SLMC) නියෝජනය කරමින් අබ්දුල් වසීත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව අද නිවේදනය කළේය.
මෙම පත්වීම සිදු කරනු ලැබුවේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසි හිටපු මන්ත්‍රී එම්. එස්. නලීම් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව ඇති වූ පුරප්පාඩුව පිරවීම සඳහා ය.