අද (4) පෙරවරුවේ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
2015 ජනාධිපතිවරණ සමයේ රුපියල් මිලියන 25ක් වටිනා බඩඉරිඟු බීජ හිතවතුන්ට බෙදාදීමේ සිද්ධියකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
ඊට අදාළව සිදුකරන විමර්ශයේ ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඔහු අද පෙරවරුවේ අල්ලස් කොමිසම හමුවට කැඳවා තිබුණි.
එහිදී ප්‍රකාශයක් ලබාගැනීමෙන් අනතුරුව හිටපු අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මෙසේ අත්අඩංගුවට ගෙන තිබිණ. අධිකරණයට ඉදිරිපත් කෙරුණු
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දේශපාලනයට පිවිස අමාත්‍ය ධුර ගණනාවක් දැරූ එස්.එම්. චන්ද්‍රසේන; මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුතුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් බිඳී සාදාගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබල සාමාජිකයෙකු වූ අතර, රාජපක්ෂලාගේ බලය පිරිහීමෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට පසුගිය ජනාධිපතිවරණයේ දී සහාය පල කළේ ය.
ඉන්පසු දිලිත් ජයවීර විසින් පිහිටුවා ගත් සර්ව ජන බලය සමග එක් වීමට එස්. එම්. චන්ද්‍රසේන කටයුතු කළේ ය.