වෛද්‍ය සැපයුම් දෙපාර්තමේන්තුවේ 2025 පෙබරවාරි වාර්තාවට අනුව අත්‍යවශ්‍ය ඖෂධ 333 ක තොග දැනට නොමැති බව වාර්තාවේ. එයින් ඉතා වැදගත් ඖෂධ වර්ග 56ක ප්‍රසම්පාදන ක්‍රියාවලිය අවසන් කිරීමෙන් අනතුරුව රෝහල් පද්ධතිය වෙත ලැබීමට තවත් මාස 09ක පමණ කාලයක් ගතවෙනු ඇතිබව අනාවරණය වේ.
පිළිකා, දියවැඩියාව, අපස්මාරය සහ මානසික රෝග වැනි නිදන්ගත හා බරපතළ රෝග සඳහා අත්‍යවශ්‍ය ඖෂධ රාජ්‍ය හා පෞද්ගලික රෝහල් අංශ දෙකෙහිම හිඟව පවතින බව සෞඛ්‍ය අංශ හෙළිකරයි. ඖෂධ හිඟය කෙතරම්ද යත් පෞද්ගලික අංශයේ ඖෂධ සැපයුමද 30% කට වඩා පහත වැටී ඇත.