සිය වත්කම් බැරකම් ප්රකාශ ලබා නොදුන් රාජ්ය සේවකයින්ට වහාම ක්රියාත්මකවන පරිදි දඩ මුදලක් අය කරන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂන කොමිසම සියළු රාජ්ය ආයතන ප්රධානීන්ට දැනුම්දී ඇත.
ඒ අනුව සිය වත්කම් බැරකම් ප්රකාශ ලබා නොදුන් රාජ්ය සේවකයින්ගේ වැටුපෙන් දෛනිකව සියයට තිහෙන් එකක් දඩ වශයෙන් අයකරනු ලැබේ.
වත්කම් බැරකම් ප්රකාශ භාරදීමට රජයේ නිලධාරීන්ට දුන් සති දෙකේ සහන කාලය අවසන් වන අද දින වන විටත් වත්කම් බැරකම් ප්රකාශ භාර නොදී ඇති නිලධාරීන්ගේ ලයිස්තුව ආයතන ප්රධානීන් විසින් ඉදිරි දිනවල අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට යොමු කරනු ලැබිය යුතුවේ.