රත්තරං පොහොට්ටුවට මහින්දටත් ආදරෙයිලු

මහින්ද මහත්තයව ළගදිම කළුතර ට එක්ක ඇවිත් ළගින් ඉදන් කතාකරන්න අවස්ථාවක් ලබාදෙන බව හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන පවසා ඇත.

කළුතර දිස්ත්‍රික්කයේ ඒ මහතා ට හිතවත් පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් අමතමින් ඔහු මෙලෙස පවසා තිබේ.

එම රැස්වීමට පැමිණ සිටී දේශපාලන ක්‍රියාකාරින් බහුතරයක් සදහන් කලේ හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ට යලි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ට එක්වන ලෙසය.

“ජනතාව විශාල බලාපොරොත්තු තියාගෙන මේ ආණ්ඩුව හැදුවා . තව මාස දෙකෙන් අවුරුද්දක් වෙනවා. මේ අවුරුද්ද තුල ප්‍රසාදය දැන් තියෙනවා ද ? උස මනින්න කෝදුවක් ඕන.බර මනින්න තරාදියක ඕන. ඒ වගේම මේ ආණ්ඩුවේ ප්‍රසාදය මනින්න හොදම උපකරණය අපේ අතේ තියන ජංගම දුරකථනය.

ඉස්සර අපේ ෆොටෝ ෆේස් බුක් එකේ දැම්මම රම්පෙට පොරි හැලෙන්න දෙනව. දැන් ආණ්ඩුව කෙනෙක් දැම්මම දෙන කමෙන්ට් බලන්න. අපිට දුන්න ඒකේ අනිත් පැත්තට පැලෙන්න දෙනව.

අසූවේ අනුවේ 90 ආචිචිල ඉස්සර ටොක් ටොක් ගගා බුලත් කෙටුවට දැන් ටික් ටොක් බලනවා. ඔවුන් ඉදිරියේදී තීරණය කරාවි.

මම ගිය සතියේ කතරගම ගිහින් මහින්ද මහත්තය එක්ක එකට කතරගම පෙරහැර බැලුවා. එතුමට ඔබ තුමන්ල ආදරේ නිසා මම කළුතර ට එක්ක ඇවිත් ළගින් ඉදන් කතාකරන්න අවස්ථාව සලසා දෙන්නම්. ”

පසුගිය මහ මැතිවරණයේදී රෝහිත අබේගුණවර්ධන මහතා හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුතු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය කරමින් කළුතරට තරග කර පාර්ලිමේන්තුවට පිවිසීමට සමත්වූයේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart