රතු කන්ටේනර් පිටිපස්සේ දේශපාලන බලපෑමක් මේක දූෂණක් වහාම හෙළිකරන්න

ප්‍රශ්ණගත බහාලුම් නිදහස් කිරීම සම්බන්ධව බලවත් සැකයක් පවතින බවත් එයට අමාත්‍යවරයා හා පවතින දේශපාලන අධිකාරිය සම්බන්ධ බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නීතිඥ සංගමයේ ලේකම් නීතිඥ අතුල ද සිල්වා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර සිටියේය.

”ඒවා නිදහස් කිරීමේදී රේගුව තියන බලය ඉක්මවා ගිහිල්ලා, පත් කරපු කමිටුවට දීලා තියෙන බලය ඉක්මවා ගිහිල්ලා කරපු කාරණයක් විදිහට, පත් කරපු කමිටුව විසින් හඳුනාගෙන තියෙනවා.. එහෙම නම් මෙහෙම කරන්න මොන බලතලයක්ද තිබ්බේ? මේක කළාට පස්සේ ඇමතිවරයා මාධ්‍යයට ඇවිත් මේක නිවැරදි කියලා කිව්වා.. ලෝකෙ හැම වරායකම මෙහෙම වෙන්නේ කිව්වා.. මේක පිටිපස්සේ දේශපාලන බලපෑමක් තියෙනවා.. දේශපාලන අධිකාරිය සම්බන්ධයි.. මේක දූෂණක්.. මේක හෙළිදරව් කරන්න” යැයිද අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart