2025 වසරේ මුල් මාස 05ට ඩොලර් මිලියන 162ක කිරි ගෙන්නලා

2025 ගතවූ මාස පහක කාලයක් සදහා කිරි ආශ්‍රිත නිෂ්පාදන ආනයනය සදහා ඇමරිකානු ඩොලර් මිලියන 161.8ක් වැයකොට ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කල නවතම වාර්තාවක සදහන් වේ.

2024 වසරේ මුල් මාස 05 තුල කිරි ආශ්‍රිත නිෂ්පාදන සදහා වැයකොට ඇත්තේ ඩොලර් මිලියන 86කි. මෙම වසරේ ජනවාරි 01 වෙනිදා සිට මැයි 30 දක්වා කාලය තුල 2024ට සාපේක්ෂව ඩොලර් මිලියන 75.8 ක මුදලක් වැඩිපුර ආනයන සදහා වැයකොට ඇතැයිද එම වාර්තාව අනාවරණය කරයි.

2024 ඇමරිකානු ඩොලර් මිලියන 12.7 ක් මැයි මාසය තුල කිරි ආශ්‍රිත නිෂ්පාදන ආනයන සදහා වැයකොට තිබුනත් මෙම වසරේ මැයි මාසය තුල පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 40.7 ක මුදලක් වැයකොට එකී නිෂ්පාදන ආනයනය කර ඇති බවද මහ බැංකු වාර්තාව හෙලිකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart